සයිනොපෙක් ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වෙයි

සයිනොපෙක් ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුම් ගත වෙයි

චීන රජයට අයත් තෙල් සහ ගෑස් සමාගමක් වන සයිනොපෙක් (Sinopec), මෙරට තුළ ඉන්ධන සිල්ලරට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ අද ගිවිසුමකට එළැඹ තිබෙනවා.

මීට පෙර, Sinopec ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ඇතුළු වීමට ගිවිසුමක් අත්සන් තබනු ලැබුවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 150 ක් පවත්වාගෙන යාම සඳහා වසර 20 ක කාලයකට ඔවුන්ට බලපත්‍රයක් ලබා දෙන අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් සඳහා ආයෝජනය කිරීමටද හැකියාව ලැබෙනු ඇති.

සයිනොපෙක් සමාගමට බලපත්‍රය ලබාගෙන දින 45 ක් ඇතුළත මෙහෙයුම් ආරම්භ කළ හැකි බව මීට පෙර ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

Share This