පාකිස්තානයේ සිට ලංකාව බලා එමින් තිබූ යාත්‍රාවක කෝටි 600ක අයිස් මත්ද්‍රවය

පාකිස්තානයේ සිට ලංකාව බලා එමින් තිබූ යාත්‍රාවක කෝටි 600ක අයිස් මත්ද්‍රවය

පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවේ මන්නාරම වෙත ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 600 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 586 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 14 දෙනෙකු ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් ගුජරාටී මුහුදේදී ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයින් 14 දෙනාම බලුකිස්තාන ජාතිකයින්වන අතර ඔවුන් පකිස්ථානයට අයත් ‘අල්-රාසා’ නැමති බෝට්ටුව ආධාරයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මන්නාරම දෙසට යාත්‍රා කර තිබේ.

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් බෝට්ටු දෙකකින් ගුජරාටී ප්‍රදේශයට ගොස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටුව සමග සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් ගුජරාටයේ ජෝර්බන්දර් ප්‍රදේශය වෙත රැගෙන ගොස් ඇති අතර සැකකරුවන් එහිදී අහමාබාද් පොලීසියට පවසා අත්තේ ඔවුන් කුළී පදනමක් මත මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ බවය.

ඉන්දියාවේ අහමාබාද් පොලීසියේ මූලිකත්වයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Share This