ඇමරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මූල්‍ය සමාගමට මෙරට අධිකරණයෙන් නියෝගයක්

ඇමරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මූල්‍ය සමාගමට මෙරට අධිකරණයෙන් නියෝගයක්

ඇමරිකාවේ ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙත මෙරට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ‘ඔන්මැක්ස් ඩීටී’ සමාගමේ මුදල් තැන්පත් කර ඇති ‘බයිනෑන්ස් ඩොට්කොම්’ මූල්‍ය සමාගමේ ගිණුම් 08ක් මාස 06කට වහාම අත්හිටුවන ලෙසයි.

ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට මෙරට අධිකරණයකින් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බවයි මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මෙම අත්හිටුවීම සඳහා නියෝග කළ ගිණුම් අතර මෙරට පිහිටි ‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකුගේ ගිණුම් ද වන අතර, එම පුද්ගලයින් සිව් දෙනා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් ද නියෝගයක් අධිකරණයෙන් නිකුත් කර තිබුණා.

‘ඔන්මැක්ස් ඩීටී’ සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකාවේ බැංකු පහක ද අදාල මූල්‍ය ආයතනය නමින් තිබූ ගිණුම් 57ක් ද අත්හිටුවීමට ද නියෝගයක් පසුගිය 28 වැනි දා නිකුත් කළා.

මෙම ‘ඔන්මැක්ස් ඩීටී’ සමාගම නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූ මුදල ඇමරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් බවත් වාර්තා වනවා.

Share This