කෙහෙලියට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප වෙයි

කෙහෙලියට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප වෙයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් සිය පෞද්ගලික ජංගම දුරකථන බිල වන රුපියල් 240,000ක මුදලක් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (26) ප්‍රතික්ෂේප කළා.

ඒ, අනුව හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ඉදිරියටත් පවත්වාගෙන යාමට ද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අවසර ලබාදුන්නා.

නඩු විභාගය ජූලි මස 22වනදා පැවැත්වීමටද දින නියම වුණා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Share This