අධික උෂ්ණත්වය හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ දැඩි අවදානමක්

අධික උෂ්ණත්වය හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ දැඩි අවදානමක්

මේ දිනවල දිවයිනට බලපෑ ඇති අධික උෂ්ණත්වයත් සමග ආඝාතය හෘද රෝග ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පවසයි.

අද (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව සදහන් කළේය.

එමෙන්ම පොලිස් නිලධාරීන් මෙන් එළිමහනේ රාජකාරි කටයුතු සිදුකරන පුද්ගලයින් ඉතා ප්‍රවේසම් සහගත විය යුතු බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ දිනවල විවිධ ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත්වෙන බැවින් සංවිධායක මණ්ඩල සාමාජිකයින් විසින් උදෑසන 11.00 ත් සවස 3.00 ත් අතර කාලය තුළ එළිමහන් ක්‍රීඩා පැවැත්වීමෙන් වළකින ලෙසට වෛදවරයා ඉල්ලා සිටියි.

එමෙන්ම හැකිතරම් දේශීය පාන වර්ග, කොමඩු, තැඹිලි වතුර, පොල් වතුර වගේ පාන වර්ග භාවිතය ගැනීම යෝග්‍ය වේ.

මේ අතර මේ දිනවල දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගයේ පාචන තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයවීමෙන් අරෙක්ෂා කරගැනීමට කොත්තමල්ලි, බැදි හාල් කැද වැනි දේවල් ලබා දෙන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.

Share This