අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක්

අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක්

සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබේ.

අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබේ.

ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කිරීමට නොහැකි වූ කරුණ තවදුරටත් විසඳී නොමැති බැවින් එදින ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව, ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙනු ලබන දිනය හෝ ඡන්ද විමසීමට අදාළව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අනුව නව දිනයක් නම් කිරීමට සිදුවන්නේ නම් එකී දිනය හෝ එම දින දෙක අතරින් පළමුව එළඹෙන දිනයේ දී පළාත් පාලන මැතිවරණය සඳහා දිනයක් නියම කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

 

 

Share This