සනත් නිශාන්තගේ රථයට සහ ආරක්ෂකයාට පහර දුන් ව්‍යාපාරිකයාට උන දේ

සනත් නිශාන්තගේ රථයට සහ ආරක්ෂකයාට පහර දුන් ව්‍යාපාරිකයාට උන දේ

රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ සුඛෝපභෝගි ජීප් රිය මාරවිල මෝදරවැල්ල ප්‍රදේශයේදී වෙනත් මෝටර් රථයක ගැටීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෝටර් රථයට සහ ඔහුගේ ආරක්ෂකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එක් සැකකරුවෙක් ජනවාරි 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (29) පස්වරුවේ මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් සක්කරුවෙන් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමට ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ මාරවිල – තල්විල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඇප මත මුදාහැර ඇත්තේ එම සැකකරුගේ ඥාතියෙක්.

ඊයේ (29) පෙරවරුවේ මාරවිල – මෝදරවැල්ල ප්‍රදේශයේදී රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් සිටි රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණා.

එම අවස්ථාවේ දී සැකකාර ව්‍යාපාරිකයා තම රථයේ තිබූ යකඩ පොල්ලකින් මත්යවරයාගේ රථයට පහර දී ආරක්ෂකයෙකුට පහර දී ඇති බවයි පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

පසුව රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබු බවයි අනාවරණය වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුව විමර්ශණ කටයුතු සිදුකළ මාරවිල පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා

Share This