දප්පුල වෙනුවට නීතිඥයෙක් TIDයට

දප්පුල වෙනුවට නීතිඥයෙක් TIDයට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හට අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදුකර තිබුණු අතර ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතීඥවරයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.

එහිදී ඔහු සඳහන් කර සිටියේ, අදාල කරුණ සම්බන්ධයෙන් පිටු 7 කින් සමන්විත නෛතික විරෝධතාවයක් ත්‍රස්ත විමර්ශන කෙට්ඨාසය වෙත ඉදිරිපත් කල බවයි.