බාලවයස්කාර සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ ගුරා මාට්ටු

බාලවයස්කාර සිසුවියට අසභ්‍ය දර්ශන යැවූ ගුරා මාට්ටු

තඹුත්තේගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් හරහා අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ බව කියන එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ගුරුවරයා 44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පැවසෙන්නේ.

අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් ඊයේ (30) එම ගුරුවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (31) තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Share This