ධනිෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ධනිෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ධනිෂ්ක ගුණතිලකට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔස්ට්‍රේලියාවේදී ඔහුට එරෙහිව එල්ල වූ ස්ත්‍රී අපචාර නඩුවෙන් ධනිෂ්ක නිදහස්වීමත් සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව මෙම තහනම ඉවත් කළ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක කමිටුව ඔක්තෝබර් 13වැනිදා රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුළ ධනිෂ්කට මෙම චෝදනා එල්ල වූ අතර පසුව ඔහු අත්අඩංගවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරණි.  ඉන් අනතුරුව පැවැති නඩු විභාගයෙන් ඔහු නිදහස් වූ අතර පසුව ඔහු පසුගිය 03දා යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

Share This