web hit counter
අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

අලි සහීර් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග හිස්වූ එම ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම පක්ෂයේ අලි සහීර් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.

ඔහු පාර්ලිමේන්තුව කලක් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙකි. දිවුරුම් දීමෙන් පසු මවුලානා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් මැද විපක්ෂයේ පසුපෙළ ආසනයක අසුන් ගත්තේය.

අධිකරණ නියෝගයක් අනුව නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධූරය පසුගියදා අහෝසිවිය. ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මඩකළපු දිස්ත්‍රික් ලැයිස්තුවේ මෙහි ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි අලි සහීර් මවුලානා මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්ද එම කොමිසම විසින් පසුගියදා නිකුත් කරනු ලැබීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )