දක්ෂිණ අධිවේගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

දක්ෂිණ අධිවේගය භාවිතා කරන්නන්ට දැනුම් දීමක්

ඊයේ (27) රාත්‍රියේ ලොරි රථයක් මාර්ගය හරහා පෙරළීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව හා ගොඩගම අතර රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමාකර තිබේ.

අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ආර්. ඒ. ඩී. කහටපිටිය සඳහන් කළේ, මේ වන විට එක් මංතීරුවක් ඔස්සේ දෙපසට ම, වාහන ධාවනය කෙරෙන බවයි.

අදාළ ලොරි රථය ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද, ඔහු ප්‍රකාශ කළේ ය.

Share This