එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය හෙට දිවයිනට

එංගලන්තයේ ඈන් කුමරිය නිල චාරිකාවක් සඳහා හෙට (10) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව ඇය 13 වැනිදා දක්වා මෙරට සංචාරය කරනු ඇති.

ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ඇයට රාජකීය ආරාධනය කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

1995 වසරේ දී ද ඇය මෙරටට පැමිණ ඇති අතර ඈන් කුමරියගේ මෙරට සංචාරය මෙම වසරේ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය ද වේ.

ඈන් කුමරිය දෙවන එලිසබෙත් රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ දෙවන දරුවා සහ එකම දියණිය වන අතර III චාල්ස් රජුගේ එකම සහෝදරියයි.