නාඳුනන පිරිමි මළ සිරුරක් වැල්ලම්පිටියේ

නාඳුනන පිරිමි මළ සිරුරක් වැල්ලම්පිටියේ

වැල්ලම්පිටිය, සිංහපුර නාන ළිඳ අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුව තිබේ.

ඊයේ (04) දහවල් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයට ලද තොරතුරක් මත වැල්ලම්පිට පොලීසිය ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50ත් 55ත් අතර වයසේ පසුවන උස අඩි 05 අඟල් 03ක් පමණ වන, අවසන් වරට දම්පාට පසුබිමේ සුදු ඉරි සහිත අත්කොට කමිසයක් සහ මිශ්‍ර වර්ණයෙන් යුත් සරමක් හැඳ සිටි බව පොලීසිය පවසයි.

හදිසි මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This