ග්‍රාම නිල­ධාරි සම්මුඛ පරී­ක්ෂණ පැවැත්වෙන දින ගැන දැනුම්දීමක්

ග්‍රාම නිල­ධාරි සම්මුඛ පරී­ක්ෂණ පැවැත්වෙන දින ගැන දැනුම්දීමක්

නව ග්‍රාම සේවා නිල­ධාරි බඳවා ගැනීමේ සම්මුඛ පරී­ක්ෂණ මාර්තු මස 13, 14 සහ 15 යන තෙදින පැවැ­ත්වී­මට රජය තීර­ණය කර තිබේ.

සම්මුඛ පරී­ක්ෂණ පැවැ­ත්වී­මෙන් අන­තු­රුව, ග්‍රාම නිල­ධා­රීන් 2002 දෙනකු ඉතා කඩි­න­මින් රාජ්‍ය සේව­යට එක් කර ග්‍රාම නිල­ධා­රි­ව­රුන්ගේ පව­තින පුර­ප්පාඩු පිර­වී­මට කට­යුතු කරන බව ස්වදේශ කට­යුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පැවැ­සීය.

පුත්ත­ලම වනා­ත­වි­ල්ලුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ග්‍රාම නිල­ධා­රින්ගේ පව­තින ගැටලු පිළි­බඳ සොයා බැලීමේ විශේෂ සාක­ච්ඡා­ව­කට ඊයේ (28) එක්වෙ­මින් රාජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ඒ අනුව, 2023 දෙසැ­ම්බර් මස 02 වැනි දින පැවැති ග්‍රාම නිල­ධාරි විභා­ග­යෙන් සමත් 4232ක් සම්මුඛ පරී­ක්ෂ­ණය සඳහා සහ­භාගි වීමට නිය­මිත අතර සම්මුඛ පරී­ක්ෂ­ණ­යට අදාළ ලිපි විභා­ගය සමත් පුද්ග­ල­යන්ගේ ලිපින වෙත ඉදි­රි­යේදී යොමු කිරී­මට නිය­මි­තය.

මේ අව­ස්ථා­වට පුත්ත­ලම දිස්ත්‍රික් ලේකම් එච්. එම්. එස්. පී. හේරත්, ස්වදේශ කට­යුතු රාජ්‍ය අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේක­ම්වරු වන චලංක අතු­කෝ­රල, චතුර කුමා­ර­තුංග, ප්‍රාදේ­ශීය ලේකම් එස්. එම්. පී. නන්ද­සේන යන මහ­ත්වරු එක්ව සිටි­යහ.

Share This