ඩොලරය තවත් ඉහලට

ඩොලරය තවත් ඉහලට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.31ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.03 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.42 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.