කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට ගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් අතුරුදහන්

කඩුගන්නාව ප්‍රදේශයේ කන්දක් නැගීමට ගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් අතුරුදහන්

කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් 10 වෙනිදා සිට අතුරුදහන්ව සිටින බව මහනුවර සංචාරක පොලීසිය පවසයි.

අදාළ කාන්තාව පසුගිය 10 වැනිදා උදේ 8:30 ට පමණ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට යන බව පවසා හෝටලයෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ කන්දක් නැගීමට යන බව කියා හෝටලයෙන් පිටව ගිය විදේශීය කාන්තාව නැවත හෝටලයට නොපැමිණි බව කියමින් එම හෝටලේ අයිතිකරු පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

අතුරුදන්ව සිටින මෙම විදේශීය කාන්තාව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

Share This