මෙම වසර අවසානයට පෙර එන ඊ පාස්පෝට්

මෙම වසර අවසානයට පෙර එන ඊ පාස්පෝට්

මේ වසර අවසන් වන විට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) මෙරටට හඳුන්වාදීමට පියවර ගන්නා බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉලුක්පිටිය පැවසුවේ, විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමේ මූලික වැඩසටහන් සහ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි ද අවසන් කර ඇති බවයි.

ඒ අනුව, ඉදිරි සති දෙකේ එය ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි, ඔහු සඳහන් කළේ.

නව විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය අනෙකුත් රටවල් අතර වඩාත් පිළිගත් විදේශ ගමන් බලපත්‍රයක් බවට පත්වනු ඇත.

මෙම නව ක්‍රමවේදය ඔස්සේ විසා අලුත් කර ගැනීමට මෙරටට නොපැමිණ තමන් සිටින රටේ සිට ඔන්ලයින් මාර්ගයෙන් කර ගැනීමටත් හැකියාව ලැබේ.

එමෙන්ම මෙරටට පැමිණෙන ආයෝජකයන්ට වසර 10ක වීසා ලබාදීමටත්, නිත්‍ය වාස වීසාවක් ලබාදීමටත් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද සඳහන්.