ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන දැනුම් දීමක්

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ගැන දැනුම් දීමක්

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ඉන් රාජ්‍ය සේවයට අලුතින් ග්‍රාම නිලධාරීවරුන් 2,100ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සඳහන් කළේ, පසුගියදා පැවති ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි යොමු කර ඇති බවයි.

මේ වනවිට රාජ්‍ය සේවයේ ග්‍රාම නිලධාරී පුරප්පාඩු ‍2800කට ආසන්න සංඛ්‍යාවක් පවති.