හිටපු සෞඛ්‍ය ලේකම්ට හූවක්

හිටපු සෞඛ්‍ය ලේකම්ට හූවක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් කියන සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (30) කැඳවා තිබුණි.

පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදිමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

එම අවස්ථාවේ වෙනත් පැමිණිල්ලක් සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු චන්ද්‍රගුප්ත මහතාට විරෝධය පළ කළේය.

චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ දීමෙන් පසුව සී.අයි.ඩී.යෙන් පිටව යන අවස්ථාවේදී එම පිරිස යම් යම් ප්‍රකාශ කරමින් ‘හූ’ හඩ නගමින් බොහෝ වේලාවක් ප්‍රතිචාර දැක්වූහ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කිහිපදෙනකුම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තවත් නිලධාරීන් නව දෙනෙකුට මේ වනවිට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.

Share This