web hit counter
ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමේ විභාගය පැවැත්වෙන දිනය ගැන අගමැති කියයි

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීමේ විභාගය පැවැත්වෙන දිනය ගැන අගමැති කියයි

ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බවට, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැයි, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (08) කියා සිටියේය.

2023.06.30 දින වනවිට මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763 ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව පැවසීය.

අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින්, 2023 දෙසැම්බර් මාසයේදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති බවද ඔහු කියා සිටියේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න යටතේ සංජිව එදිරිමාන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )