රන් මිලත් ඉහළට

රන් මිලත් ඉහළට

මෙරට තුළ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 3,000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයින් පවසයි.

ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල මේ වන විට රුපියල් 151,000 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසති.

රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 164,000 කට ආසන්න වී ඇති බව ද රත්තරන් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් පැවසූහ.

ලෝක වෙළෙඳපොළේ රන් මිල මේ වන විට ඉහළ යමින් තිබේ.

Share This