ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව, 2023.02.22 වන දින ඔවුන් වෙත මෙම තීරණය දැනුම්දී ඇති බවයි, මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ.

2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.

ඒ අනුව, පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවත් ජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටී.

ඒ අනුව මෙලෙස 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහළින්.

Share This