තවත් බස් රථයක් පෙරළී 8ක් රෝහලට

තවත් බස් රථයක් පෙරළී 8ක් රෝහලට

පුත්තලම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක් පෙරලී නුවරඑළිය – ගම්පොල මාර්ගයේ හෙල්බොඩ ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

අද (10) පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පුස්සැල්ලාව පොලිසිය සඳහන් කළේ.

විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී විසිදෙනෙකු පමණ බස් රථයේ සිට ඇති අතර, තුවාලකරුවන්ගේ හත්දෙනෙක් කොත්මලේ ප්‍රාදේශීය රෝහලටත්, අනෙක් පුද්ගලයා වහුගපිටිය රෝහලටත් ඇතුළත්කර තිබෙනවා.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

IMG 20230710 WA0080

IMG 20230710 WA0086

IMG 20230710 WA0087