රු. බිලියන 4ක හෙරොයින් සමග 5ක් නාවික හමුදා අත්අඩංගුවට

රු. බිලියන 4ක හෙරොයින් සමග 5ක් නාවික හමුදා අත්අඩංගුවට

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් එම බහුදින ධීවර යාත්‍රාව අද දින (22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පරීක්‍ෂා කිරීමේදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගය සොයාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙමින් පවතී.