විදෙස් ගත වන මව්වරුන්ට නව නීතියක්

විදෙස් ගත වන මව්වරුන්ට නව නීතියක්

අවුරුදු පහට අඩු දරුවන් මෙරට දමා කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

මීට පෙර එම වයස් සීමාව සඳහන් වූයේ අවුරුදු දෙකක් ලෙසිනි.

ස්ථාවර රටකට සැවොම එක මගකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරිය මේ බව කියා සිටියාය.

කුඩා දරුවන් සිටින මව්වරුන් විදේශගත වීම ළමා අපචාර ඉහළ යාමට හේතුවක් බවත් ඇමැතිවරිය කියා සිටියාය.

ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි හත්දහස් ගණනක් තිබෙන බවත්, ඒවා පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඇය පැවසුවාය.

අපචාරයට ලක්වූ දරුවන් සහ කාන්තාවන් අධිකරණයේ පෙනී සිටීමේදී අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් සම්බන්ධ කරගෙන අධිකරණ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇතැයිද ඇමැතිවරිය පැවසුවාය.