සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා CCTV කැමරා

සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා CCTV කැමරා

සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නැවත්වීම සඳහා මෙම තීරණය ගන්නා බවයි, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ.

“එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නැවත්වීම සඳහා කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වෙතැයි අප අපේක්ෂා කරනවා. ඒ අනූව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා.”