උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ 2022 (2023) නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, එම ප්‍රතිඵල www.doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවි වෙත පිවිස ලබාගත හැකි බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම සඳහා 0112784537, 012784208 හෝ 0112786616 අංකවලින් පාසල් විභාග හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙසට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.