ජාතික රෝහලේ ශල්‍යාගාර – දැඩි සත්කාර සෞඛ්‍ය සේවකයන් පිරිසිදු කළ යුතුයි

ජාතික රෝහලේ ශල්‍යාගාර – දැඩි සත්කාර සෞඛ්‍ය සේවකයන් පිරිසිදු කළ යුතුයි

කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක පිරිසිදු කිරීම සෞඛ්‍ය සේවකයන් ඉටුකළ යුතු යැයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පත්කළ කමිටුවකින් නිර්දෙශ කර ඇති බව එම රෝහලේ වෛද්‍යවරු පවසති.

එසේ නිර්දේශ කර තිබුණ ද එම කාර්ය සෞඛ්‍ය සේවකයන් හරහා ඉටුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් ඒ සඳහා හැකි ඉක්මණින් කටයුතු කිරීමට රෝගීන් ජනතාවගේ ආරක්‍ෂාවට වඩාත් වැඳගත් බවත් වෛද්‍යවරු කියති.

ජාතික රෝහලේ ශල්‍යකර්මවලට ලක්කරන රෝගීන්ගෙන් සැළකිය යුතු පිරිසක් ආසාදනයන්ට ලක්වීම පිළිබඳව වෛද්‍යවරු කළ ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ පිළිබඳව සෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක්ගෙන් සමන්විත එම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බව කියන වෛද්‍යවරු සෞඛ්‍ය සේවකයන් එම පිරිසිදු කටයුතු නොකරන්නේ නම් විනය පියවර ගතයුතු යැයි ද එම කමිටුව නිර්දේශ කර ඇති බව ද සඳහන් කළේය.

ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක 50 කට අධික සංඛ්‍යාව සනීපාරක්‍ෂක සේවකයන් විසින් මේ වන විට පිරිසිඳු කිරීම කරනු ලබන අතර ඔවුහු වැසිකිළි ඇතුළු සෙසු ස්ථානවල පිරිසිදු කිරීම හේතුවෙන් ඔවුන් හරහා ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකවලට විෂබීජ ඇතුල්වීමේ දැඩි අවදානමක් ඇති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් සඳහන් කරති.

 

Share This