ජනපති ගේ “ගාසා අරමුදල” ට ලක්ෂ 58ක්

ජනපති ගේ “ගාසා අරමුදල” ට ලක්ෂ 58ක්

ගාසා තීරයේ ගැටු­ම් ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අර­මු­දල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපි­යල් 57, 73, 512 ක මුද­ලක් ලැබී තිබෙනවා.

සිය­ලුම අමා­ත්‍යාංශ සහ රජයේ ආය­තන එක්ව මෙවර ඉෆ්තාර් සැම­රුම් පැවැ­ත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රති­පා­දන මෙම අර­මු­ද­ලට ලබා දෙන ලෙසද රජය උප­දෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සඳහා ජන­තා­වගේ දාය­ක­ත්ව­යන් ද අපේක්ෂා කරන අතර රාම­සාන් මාසය තුළ Òගාසා හි ළමා අර­මු­දල Ò සඳහා දායක වීමට කැමති පරි­ත්‍යා­ග­ශී­ලීන් වේ නම්, එම පරි­ත්‍යා­ග­යන් අප්‍රේල් මස 11 වැනි­දාට පෙර ලංකා බැංකුවේ (7010), තැප්‍රො­බේන් ශාඛාවේ (747) පිහිටි ගිණුම් අංක 7040016 වෙත තැන්පත් කර ඊට අදාළ ලදු­පත 077-9730396 වෙත Whatsapp හරහා යොමු කරන ලෙස ජනා­ධි­පති කාර්යා­ලය දැනුම් දී සිටියි.

කාගිල්ස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති රංජිත් පේජ් මහතා ගාසාහි ළමා අර­මු­ද­ලට පසු­ගිය 28දා රුපි­යල් මිලි­යන තුනක මුද­ලක් පරි­ත්‍යාග කළේය.

විප­තට පත් දරු­වන් සඳහා සහන සැල­සීම වෙනු­වෙන් ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝ­ජි­තා­ය­තන හරහා පරි­ත්‍යාග ලබා­දී­මට අපේ­ක්ෂි­තය.