අයහපත් කාලගුණය හමුවේ මරණ 10ක් – පහක් අතුරුදන්

අයහපත් කාලගුණය හමුවේ මරණ 10ක් – පහක් අතුරුදන්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම පුද්ගලයින් පස් දෙනකු අතුරුදන්ව ඇති අතර , සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවද එම ම ධ්‍යස්ථානය සඳහන් කරයි .

මෙම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව පීඩාවට පත්ව සිටිති.

ඒ අනුව, පවුල් 9,764 කට අයත් පුද්ගලයින් 36,504 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක පුද්ගලයින් 5,174 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

නිවාස 4,119ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 28ක් පුර්ණ වශයෙන් හානියට පත් ව තිබේ.