ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ

ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ඉන්ධන මිළ ගණන් නැවත වතාවක් පහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50කට වැඩි මුදලකින් මිළ ගණන් අඩු වනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන මිළ ගණන් සංශෝධනය කිරීමේ මිළ සූත්‍රය අනුව මෙලෙස ඉන්ධන මිළ අඩු වනු ඇතැයි පැවසේ.

මේ අතර QR ක්‍රමවේදය හරහා මේ වන විට නිකුත් කරන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.

ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දැමෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා ඇති අතර සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා ලබාදුන් ලීටර 08ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ නංවා තිබේ.

Share This