සබරගමුව සහ ඌව පළාත්වලට ජලය මත පාවෙන සූර්ය බලාගාර දෙකක්

සබරගමුව සහ ඌව පළාත්වලට ජලය මත පාවෙන සූර්ය බලාගාර දෙකක්

ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ ගිවිසුමක් අද (31) පෙරවරුවේ කොරියානු නියෝජිතයින් සහ විදුලිබල අමාත්‍යංශයේ නිලධාරීන් අතර අත්සන් තබා තිබේ.

කොරියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදි කෙරෙන එම ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5.2ක් බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය ලංකාවේ පළමු ජලය මත ඉදි කරන සූර්ය බලාගාර ව්‍යපෘතිය වන අතර මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කිරීමට නියමිතයි.

ඒ අනුව, ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

Share This