පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුවේ වෙළඳසැලක ගින්නක්

පිටකොටුව දෙවන හරස් වීදියේ, රතු පල්ලිය අසල රෙදිපිලි අලෙවිසැලක් තුළ අද (27) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකයේ ගිනිනිවන රථ 07ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ.

මහල් කිහිපයකින් යුත් වෙළඳසැලක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර ගින්න අවට වෙළඳසැල් වෙත ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ජනතාව සමග එක්ව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Share This