අනුලා දේහය හෙට ශ්‍රී ලංකාවට

අනුලා දේහය හෙට ශ්‍රී ලංකාවට

ඊශ්‍රායලයේ ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය හෙට මෙරටට එවීම සඳහා කටයුතු කළ බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම සිරුර හෙට(27) පෙරවරුවේ දිවයිනට ළඟා වනු ඇති බවයි, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.

ගැටුම් අතරතුර අතුරුදන්වූ අනෙක් ශ්‍රී ලාංකිකයා මියගොස් ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඔහු පැවසුවේ ය.

ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල යොදා ගනිමින් එම තහවුරු කිරීම් සිදු කෙරෙනු ඇති.

Share This