දිවයිනේ සියලු පාසල් ඉදිරිපිට ගුරු වෘත්තීය සමිති අද විරෝධතාවක

දිවයිනේ සියලු පාසල් ඉදිරිපිට ගුරු වෘත්තීය සමිති අද විරෝධතාවක

ගුරු වෘත්තීය සමිති අද (27) දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබේ.

පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවැති විරෝධතාව අතරවාරයේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලැබීය.

ඒ අනුව අද පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

මේ අතර රජය හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද (27) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.