කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ කාමරයේ ගුටි කෙළියක් – අයෙක් රෝහලට

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ කාමරයේ ගුටි කෙළියක් – අයෙක් රෝහලට

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ කාමරේදී ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනකු විසින් නවක නීතිඥවරයකුට පහර දීම හේතුවෙන් පහර කෑ නිතිඥවරයා රෝහල්ගත කිරීමේ පුවතක් අධිකරණයෙන් වාර්තා වේ.

මෙම ගැටුම ඇති වී තිබෙන්නේ පුටුවක් සඳහා ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් බව දැනගන්නට ඇත.

සිද්ධිය සිදු වූ ඊයේ (25) උදෑසන මෙම නීතිඥ කාමරය තුළ බරපතළ ලෙස ගුටි හුවමාරුව සිදුවූ ඇති වූ බවට කරුණු වාර්තා වේ.

පසුව දෙපාර්ශ්වයම කෙසෙල්වත්ත පොලිසියට ගොස් එකිනෙකාට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කර ඇත.

සිය සේවාදායකයන් හමු වන නිල නීතිඥ කාමරයේ අසුනක වාඩි වී සිටි නවක නීතිඥවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙදෙනාගෙන් “ඇයි අයියා අවුලක්ද? මොනවද කෙරෙන්න ඕනැ?” යනුවෙන් ප්‍රශ්න කර තිබේ.

කෙසෙල්වත්ත පොලිසිය පවසන්නේ එකී ප්‍රශ්න කිරීම දුරදිග යෑමෙන් මේ පහරදීම සිදු වී ඇති බය.

Share This