ජනාධිපති හා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය අතර හමුවක්

ජනාධිපති හා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් පිළිබඳව කරුණු පැහැදිලි කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම, ඩිජිටල් පරිවර්තන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය ඒකාබද්ධව කටයුතු කිරීමට එහි දී එකගතාව පළකර තිබේ.