ජනපතිවරණය – මහ මැතිවරණය පැවැත්වෙන කාලය ගැන දැනුම් දීමක්

ජනපතිවරණය – මහ මැතිවරණය පැවැත්වෙන කාලය ගැන දැනුම් දීමක්

ජනපතිවරණය මේ වසරේදී නියමිත කාලයේදි පවත්වන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමි් පවසයි.

කෙසේ වෙතත් මහ මැතිවරණය පවත්වන්නේ 2025 වසරේදී බවත් එම මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන 2025 වසරට අදාළ අයවැයේදී වෙන් කරනු ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු බවත් අවශ්‍ය අවස්ථාවලදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමග එක්ව කටයුතු කරන බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.