NMRA තවත් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

NMRA තවත් අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තවත් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වී තිබේ.

මේ අතර අද (13) උදෑසන තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබිණි.

තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේදී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ අතර, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවයි එම ලිපියේ ඔහු සඳහන්කර ඇත්තේ.