web hit counter
අභිරහස් ලෙස මියගිය කාන්තා මල සිරුරක් දෙහිඕවිට නිවසක

අභිරහස් ලෙස මියගිය කාන්තා මල සිරුරක් දෙහිඕවිට නිවසක

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් දෙහිඕවිට නගරය ආසන්නයේ නිවසක නාන කාමරයක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.

දෙහිඕවිට පොලිසිය විසින් අද (22) උදෑසන එම කාන්තා මළ සිරුර සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක් වන අතර, සිද්ධිය සිදුව අවස්ථාවේ දී ඇයගේ සැමියා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.

සැමියා මේ වනවිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දෙහිඕවිට පොලිසියට කැඳවාගෙන ගොස් තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )