ආණුඩුව හදිසියේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සූදානමක – පැෆරල්

ආණුඩුව හදිසියේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සූදානමක – පැෆරල්

ආණ්ඩුව විසින් ඉතා ඉක්මනින් එකසිය හැට සහ හැටපහ අනුපාතයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සදහා සංශෝධන ගෙන ඒමට සුදානම් වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මෙය ජනාධිපවරයා පත්කළ මැතිවරණ සංශෝධන කමිටුවෙන් හෝ දේශපාලන පක්ෂවලින් පැමිණි අදහසක් නොවන බවත්
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වුවමනාවට ක්‍රියාතමක කිරීම සදහා සූදානම් වන දෙයක් වන බවත් ඔහු සදහන් කළා.

සමානුපාතික ක්‍රමය ඉවත් කර මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් විසිරැණු ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂ සියල්ලම විනාශ වී ප්‍රධාන පක්ෂ දෙකක් මත පමනක් ඡන්ද දායකයින් රොක්වන බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) දින මොණරාගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

මේ අතර මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවට අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය රජය විසින් දීර්ඝ කර තිබේ.

කමිටුවේ නිර්දේශ අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබිණ. මේ අනුව එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරනු ලැබ ඇත.

වාර්තාව ලබාදිය යුත්තේ ජුනි මස 15 වැනිදාය.

Share This