කෝටි 5 ක කොකේන් මත්ද්‍රව්‍ය ගිල පැමිණි වෙනිසියුලානු ජාතිකයා කාටුනායකදී මාට්ටු

කෝටි 5 ක කොකේන් මත්ද්‍රව්‍ය ගිල පැමිණි වෙනිසියුලානු ජාතිකයා කාටුනායකදී මාට්ටු

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78 ක් ගුලි 98 ක් වශයෙන් සකස් කර, ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයෙකු කටුනායක ගුවන් පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

41 හැවිරිදි මෙම වෙනිසියුලානු ජාතිකයා මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ගිල දමා බ්‍රසීලයෙන් ගමන් ආරම්භ කර ඩුබායි වෙත පැමිණ තිබේ .

මෙම වෙනිසියුලානු ජාතිකයාගේ සිරුර පරිලෝකන යන්ත්‍රයක් (Scan Test) පරීක්ෂා කිරීමේදී ඔහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය දිස් වී තිබූ අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී “තමා ග්‍රෑම් 11 බැගින් අඩංගු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 98 ක් පමණ ගිල දමා පැමිණ සිටින බව” රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.