මිතුරාගේ තියුණු ආයුධ පහරින් මිතුරා මරුට

මිතුරාගේ තියුණු ආයුධ පහරින් මිතුරා මරුට

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට ඇත්තේ බමුණු ආරච්චිගේ කළිදු දුල්කින් අනුරාධ නවරත්න නමැති 33 හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය පැවසීය .

මියගිය තැනැත්තා සහ ඝාතනය සිදු කළ පුද්ගලයා මිතුරන් වන බවත් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම මරණය සිදුව ඇති බවත් පොලීසිය පවසයි.

මෙහිදී තියුණු ආයුධයකින් පහර දුන් බව කියන පුද්ගලයා විසින්ම තුවාලකරු රෝහල් ගත කර ඇති බවද පොලීසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ, පොකුණ පාර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සදහන් කරයි.

Share This