විමල්ගෙන් අධිකරණ ඇමතිට අභියෝගයක්

විමල්ගෙන් අධිකරණ ඇමතිට අභියෝගයක්

“එක්ස්ප්‍රස් පර්ල්” නැව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු තීරයට වූ හානිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව මත, ඩොලර් මිලියන 250ක පගාව ගත් බරපතළ අපරාධකරු වහා රටට හෙළි කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

සිදු වූ මහා සමුද්‍ර දූෂණය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යයට හිමිවිය යුතු වන්දිය ලැබීම වළක්වාලීමේ පොරොන්දුව පිට යම් පුද්ගලයකු නෞකාව හිමි සමාගමෙන් ඩොලර් මිලියන 250කට අධික පගාවක් රැගෙන ඇත්නම්, එය බරපතළ අපරාධයක් බව වීරවංශ මහතා පවසයි.

විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙම කරුණ පිළිබඳ දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින බවද එසේ ප්‍රකාශ සිදු කිරීමෙන් රටට සෙතක් අත්නොවන බවද මෙවැනි වහෙන්ඔරෝ ප්‍රකාශ නොකර එම බරපතළ අපරාධය සිදු කළ තැනැත්තාගේ නම කෙලින්ම රට හමුවේ පවසන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන බවද සඳහන් හෙතෙම කළේය.

එසේ පිටත ස්ථානයකදී නම ප්‍රකාශ කිරීමට අපහසු නම් පාර්ලිමේන්තුවේදී හෝ මෙම කරුණ ප්‍රකාශ කරන ලෙසද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදු විය යුතු බවද වීරවංශ මන්ත්‍රිවරයා පවසයි.

 

Share This