ඇමති විදුර ප්‍රියාගේ සුවදුක් බලන්න ගිහින්

ඇමති විදුර ප්‍රියාගේ සුවදුක් බලන්න ගිහින්

රෝගාතුරව සිටින ප්‍රවීණ ගායනවේදී ප්‍රියා සූරියසේනගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

ඔහු ඈත රන්විමන්, මට වාසනා, ආදරණීය නේරංජනා, හෙට දවසේ, සුදු පරවි රෑන සේ, මොහොතක සුව දෙන, හිරු ද මුවා වී, රටකින් එහා, හදවත ඉල්ලා, මගේ ළමැඳ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රසික හදවත් තුළට තිළිණ කළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වෙනවා.

ගුරුවරයකු ලෙස සිය වෘත්තීය දිවිය ඇරඹූ ප්‍රියා සූරියසේන දරුවන් දහස් ගණනක් දැනුමින් පෝෂණය කළා සේම ගීතයට ප්‍රිය කරන සියළු ලාංකේය හදවත් රසවත් කළ සොඳුරුතම සංගීතවේදියෙක් වූ ප්‍රියා සූරියසේන දශක ගණනාවක සිට සිය නිර්මාණ වෙනුවෙන් විවිධ වූ සම්මාන ඇගයුම් ලබමින් අදටත් සංගීත අඹරේ දිදුලන තාරකාවක් සේ බැබලෙමින් වැඡඹෙන කලාකරුවෙකි.