ආනයනික බිත්තරවල ජාවාරමක්

ආනයනික බිත්තරවල ජාවාරමක්

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරවල මුද්‍රා කර තිබෙන සලකුණු මකා දමා ඒවා වැඩි මිලට වෙළෙඳපොළේ විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ.

රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකා සතොස ශාඛා ජාලය ඔස්සේ එක බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ. මෙම බිත්තරවල නිෂ්පාදිත දිනය ආදී තොරතුරු ඇතුළත් මුද්‍රාවක් යොදා ඇති අතර, එම මුද්‍රාව මකා ආනයනික බිත්තර වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් දේශීය බිත්තර නිෂ්පාදකයෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කියා සිටියහ.

මෙම මුද්‍රාව මකා දැමීම විශේෂිත උපකරණයකින් සිදුකරන බවද අනාවරණය වේ.

ලංකා සතොස විසින් ආනයනික බිත්තර සීමාවකින් තොරව අලෙවි කරන අතර, එම බිත්තර මිලදී ගන්නා ඇතැම් පුද්ගලයන් සලකුණ මකා දමා එම බිත්තරයක් රුපියල් 50ක් වැනි මිලකට අලෙවි කරන බවද පැවසේ.