සාරි තොටිල්ලක ගෙල සිරවීමෙන් 09 හැවිරිදි දරුවෙක් මරුට

සාරි තොටිල්ලක ගෙල සිරවීමෙන් 09 හැවිරිදි දරුවෙක් මරුට

නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙක් මියගොස් ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.

ඊයේ (27) දහවල් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් 09 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසේ සිටි තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැග සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස ගෙල සිරවී ඇති බව පොලීසිය කළ විමර්ශනයේදී හෙළිව තිබේ.

මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.