ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුව අතගහලවත් නෑ – ණය බෝම්බය 2026 දී පිපිරෙනවා

ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුව අතගහලවත් නෑ – ණය බෝම්බය 2026 දී පිපිරෙනවා

2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

දේශීය ආර්ථිකය සවිමත් කිරීමට මේ ආණ්ඩුව අතගහල වත් නැතැයි ද මේ ණය බෝම්බය 2026 දී පිපිරෙන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

“මේ විවාදය අසම්පූර්ණයි. විවාදයට අවශ්‍ය සම්පූර්ණ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ විවාදය පැවැත්වෙනවා.

අයි.එම්.එෆ් වැඩසටහනට ගියේ රුපියල් නැති නිසා නොව ඩොලර් නැති නිසයි .මේ ගිවිසුම පුරාම තිබෙන්නේ රුපියල් අර්බුදයට විසඳුම් පමණයි. ඩොලර් අර්බුදයට විසඳුම් නැහැ.

ඩොලර් බිලියන 22 ක් වසරකට ආනයන වියදම යනවා.ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වෙනවා.තව තවත් ණය වීම හැර ඩොලර් අර්බුදයට කිසිම විසඳුමක් මේ ගිවිසුමේ නැහැ.