පිස්තෝලයක් සහ උණ්ඩ සමග තුර්කියට යන්න ආ අයෙක් අත්අඩංගුවට

පිස්තෝලයක් සහ උණ්ඩ සමග තුර්කියට යන්න ආ අයෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් අද (07 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 59 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන ( Scan ) යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබේ .

Share This